ඔබ යන එන රළු මහමග
ගිනි ගහනා මද්දහනේ
තැග්ගහෙමින් හිඳිනු දකිමි
කළු දුම් රොටු නිහඬ වනින්
එහි පදරුත් අහුලාගෙන
කොරගසමින් අපහසුවෙන්
අහස කරා ඇදෙනු දකිමි
දූවිල්ලෙන් නෑවි ගිය
මගේ කවියේ රළු එළිවැට
ඔබේ පයේ හැපී වරක්
අහකට විසිවුනා දකිමි
පෙඟී දහදියෙන් තෙත්වුන
නම ගම වගවාසගමක්
නොලද ප්‍රේමයක සුනරුත්
ඒ කවියේ මිහිදන් කොට
පසෙකට වී බලා හිඳිමි
ඔබ නොදකින මගේ කවිය
ඔබට පෙනෙන්නට අතු අග
කුසුමක් වී නොපිපෙන බව
දැන දැන තව බලා හිඳිමි .