මම ගසක් ඔබ අස
වදනකුදු නොබිඳින
ඔබෙ සිනා දැකුමට
ඇස යොමා හිඳ සැනසෙන
මම ගසක් ඔබ අස
පවනින් මවන ගී සර
ඔබව පෙළනා ඉර
මඩින ලෙස අතු පතර විහිදන
මම ගසක් ඔබ අස
ඔබෙ විඩාපත් දෙනයන
මදක් සනසන රිසියෙන
හැකි පමණකින් කුසුම් පූදන
මම ගසක් ඔබ අස
ඔබෙන් පමණක් සැනහෙන
ඔබ මා නොහඳුනන
වග කැමැත්තෙන් කරන අමතක
මම ගසක් ඔබ අස
ඔබේ කවි සිත පසසන
ඇයට ලියනා කවි පද
ළසෝ ගින්නෙන් ඉවසන
මම ගසක් කවියෙක් අස
සෙමෙන් නිහඬව මියයන...
CN