Thursday, June 4, 2020

නමක් නැති කඳු

නමක් නැති කඳු දෙහිස  හුඟක් ඈතින්                    පෙනෙන
දුරක් එකිනෙක අතර තබාගෙන මල්                         දරණ
බරක් හිස දරා මුත් දනක් නොනමා                         නැගෙන
නමුත් ඉඳහිටක පිණි කඳුළු නිම්නෙක                       රඳන


වතාවක් දෙකක් අවවාදයක් දී                                  සුළඟ
සිනාවක් කතාවක් නැතිව රුදු වී                               ගියද
ඉටා ගත් දිනෙක එකලඟ තැබුණු කඳු                    දෙහිස
පමාවක් ලද සැනින් සිඹ සනසවති                           උනුන

03.06.2020