Heart with wings
Thursday, June 4, 2020
නමක් නැති කඳු
නමක් නැති කඳු දෙහිස හුඟක් ඈතින් පෙනෙන
දුරක් එකිනෙක අතර තබාගෙන මල් දරණ
බරක් හිස දරා මුත් දනක් නොනමා නැගෙන
නමුත් ඉඳහිටක පිණි කඳුළු නිම්නෙක රඳන
වතාවක් දෙකක් අවවාදයක් දී සුළඟ
සිනාවක් කතාවක් නැතිව රුදු වී ගියද
ඉටා ගත් දිනෙක එකලඟ තැබුණු කඳු දෙහිස
පමාවක් ලද සැනින් සිඹ සනසවති උනුන
03.06.2020
Newer Posts
Older Posts
Home
Subscribe to:
Comments (Atom)