කඳුළු පේලි අපිළිවෙලට ඇමිණු
තැනින් තැන තාම සුසුමින් තෙත්
සෑම දුක්බර කවියටම
සිනා මල් පලඳමි
'තව ටිකක් ඉවසන්න නාඬා'
හෙමින් රහසින් පවසමි
දුක්බරව මියයන හදවතේ
තැනින් තැන
රෝස පෙති අලවමි
'හැමදේම හරියයි හෙමිහිට'
කණ්නාඩියේ අඬන ළමයා රවටමි
තාලය නොදත් ගීයක මැදක
වැරදී ලියූ ස්වරයක
ජීවත් වීම පහසු නැත
සිනාසී පහසු බව හැඟවීම පහසු නැත
කඳුළු රහසින් මල්පෙති මතින් තැවරීම
පිණි බින්දු යයි ඔබට බොරු කීම
ආදරය
අඳ ගොළු බිහිරි බැව්
දිගින් දිගටම ඇඟවීම ..