Friday, March 27, 2015

මට මහන්සියි දැන්

කඳුළු පේලි අපිළිවෙලට ඇමිණු
තැනින් තැන තාම සුසුමින් තෙත්
සෑම දුක්බර කවියටම
සිනා මල් පලඳමි
'තව ටිකක් ඉවසන්න නාඬා'
හෙමින් රහසින් පවසමි


දුක්බරව මියයන හදවතේ
තැනින් තැන
රෝස පෙති අලවමි
'හැමදේම හරියයි හෙමිහිට'
කණ්නාඩියේ අඬන ළමයා රවටමි

තාලය නොදත් ගීයක මැදක
 වැරදී ලියූ  ස්වරයක
ජීවත් වීම පහසු නැත
සිනාසී පහසු බව හැඟවීම පහසු නැත


කඳුළු රහසින් මල්පෙති මතින් තැවරීම
පිණි බින්දු යයි ඔබට බොරු කීම

ආදරය
අඳ  ගොළු බිහිරි බැව්
දිගින් දිගටම  ඇඟවීම ..

No comments:

Post a Comment