Friday, October 25, 2013

වාදකයාණෙනි.

චංචල  යැ  දිගැස
රතුපුල්  වැ ලවනත
නිසයුරු අඹරත
කෞමදකරය ඇහැරෙත  

යොහොඹු කොඳ  රුඳි යහනත
ඇත බලා  වැ නිකසල
මුත් නුඹැති මිණි වෙණ
බිඳලයි මෙමා හද වෙණ  

නගන කල සත්සර
නා මෙණවීන් තුටු කොට
බිඳෙයි හද වෙණ  තත
ඇදුරු පෙර තත් නැසූ විලසින 

පෙර නූගත් රාග
ඈ කොට නොයෙක් සිප් කඳ
පෙර නුඹ නොලද සර
උගන්නට මෙහි එනු මැන   

සුණු කොට නුඹැති වෙණ
හිස් දෑතින් පැමිණ
රුගෙන මා හද වෙණ
නගත මැන නෙක මිහිරි සත්සර

සරත් කල නිම කොට
වසත් සුව ගෙන එනු මැන
නොදත් මුත් සත්සර
විඳිමි නුඹ හද වෙණ සදන සුව  
    
2008

No comments:

Post a Comment