Friday, October 25, 2013

වදරිං හයිට්ස්

වැළඳ ගමි සෙනෙහසින් මරණය
අවසන් හුස්මටද ඇලුම් කරමින්
සීරුවෙන් සිඹිමින් මතකය

සොයමි
කවුලුවෙන් දුර ඈත තණ බිමේ
කෙළිදෙලෙන්  ඇවිද ගිය
තටු ලැබී
පෙරඹරට ඉගිල ගිය
ප්‍රීතිමත් ඔබ හා මම

හිම මිදුන
සියල්ලම ගල්  ගැසුණ සිසිරයක
අපේ මුලකුරු කෙටූ
ඕක් ගස වඩෙනු  ඇත
තණ බිමේ  මල් පිපෙනු  ඇත
නමක් නැති කුරුල්ලන් ගයනු ඇත

මා ඔබට වෛර කල තරමටම යලි ප්‍රේම කරනු ඇත
මා නිදන නිම්නයෙහි වසන්තය රැඳෙනු ඇත

2009

No comments:

Post a Comment