අවසන් හුස්මටද ඇලුම් කරමින්
සීරුවෙන් සිඹිමින් මතකය
සොයමි
කවුලුවෙන් දුර ඈත තණ බිමේ
කෙළිදෙලෙන් ඇවිද ගිය
තටු ලැබී
පෙරඹරට ඉගිල ගිය
ප්‍රීතිමත් ඔබ හා මම
හිම මිදුන
සියල්ලම ගල් ගැසුණ සිසිරයක
අපේ මුලකුරු කෙටූ
ඕක් ගස වඩෙනු ඇත
තණ බිමේ මල් පිපෙනු ඇත
නමක් නැති කුරුල්ලන් ගයනු ඇත
මා ඔබට වෛර කල තරමටම යලි ප්‍රේම කරනු ඇත
මා නිදන නිම්නයෙහි වසන්තය රැඳෙනු ඇත
2009
No comments:
Post a Comment