Friday, October 25, 2013

සයුරට බැඳි පෙම

පුලින තලාවක
වැතිර බලාඉමි
සුනිල නුවන් යුග
සිනා ඉසින සැටි

සිනිඳු සුනිල නිල්
දියවල් සැලි සැලි
ඔබේ සිනා රුල්
සිහිකරවන හැටි 

පුලින තලාවක
වැතිර බලාඉමි
මගේ මතක පොත
ගොඩට ගසන හැටි

 මුතුබෙලි කටුවක
පෙරදින සැඟවූ
රහස් කතා මුතුවකට
හැරෙන හැටි 

පුලින තලාවක
වැතිර බලාඉමි
නුඹව සොරාගත්
සිඳු නංවන සිරි

26/12/2009
     



No comments:

Post a Comment