පුලින තලාවක
වැතිර බලාඉමි
සුනිල නුවන් යුග
සිනා ඉසින සැටි
සිනිඳු සුනිල නිල්
දියවල් සැලි සැලි
ඔබේ සිනා රුල්
සිහිකරවන හැටි
පුලින තලාවක
වැතිර බලාඉමි
මගේ මතක පොත
ගොඩට ගසන හැටි
මුතුබෙලි කටුවක
පෙරදින සැඟවූ
රහස් කතා මුතුවකට
හැරෙන හැටි
පුලින තලාවක
වැතිර බලාඉමි
නුඹව සොරාගත්
සිඳු නංවන සිරි
26/12/2009
No comments:
Post a Comment