Wednesday, April 10, 2013

ප්‍රශ්න


පහත ජේද කියවා අසා ඇති ප්‍රශ්න වලට පිළිතුරු ලියන්න



·         එසමයෙහි සශ්‍රීකත්වයෙන් සශෝභන නුවරෙක් විය . ගෙය ගෙය පැතිරුණේ ඒ නිරිඳුන්ගේ කිතුගොසයි . සැළලිහිණි සඳෙසේද වර්ණිත සැළලිහිණි තෙම පසුයම අටේ කණිසමට රජගෙයින් සැපයෙන සුදු හුණු බාල්දියද තුඩින් ගෙන නික්මෙන්නේය. දොර දොර රජගෙයින් දෙන සුදු හුණෙන් සරසන්නේය .
 එකල්හඒ රජුගේ සුරුවිරු තිදෙන අතුරින් පළමුවැන්නා නිරින්දුන්ගේම මග ගති . දෙවැන්නා නෙක කෙළියෙහි අගතැන්පත් විය . තෙවැන්නා නෙක සිප් සතරට ලොබ බැන්දේය . දිනක් පළමු පුත් කුමරු රජු අභිමුවට වන් තැන , " පියතුමනි, ඔබෙන් පසු සිහසුන වෙනකෙකු දැරීම , දේව කෝපයට හේතු විය හැක , ඒ සිතා තීරණ ගන්නයි කීය . මහා බලති රජු ශ්‍රී හස්තය දිගුකර නීති ශාස්ත්‍ර වර පුතුට දානය කලෝය .
 දෙවැනි පුතු කනස්සල්ලෙන් පසු විය . මා පුතුනි , දුක් ගන්නේ කුමන කරුණෙන්ද ? නුඹ කුසගින්නෙන්දැයි ඇසීය . නැත පියතුමනි , "ලැම්බෝගින්නෙන්" පීඩිතය , ''දුකින් කලරිමි'' කීය. රජු පරදාර දිගුකර පුත් කුමරු ශෝකය නැසුවේය.
තෙවැනි පුත් කුමරු සුරතල්ය. නෙක කෙළි බඩු පිරිවරා වෙසෙය්. අතැති තල් පතින් තැනු දඩුමොනරය සමග කෙළිමින් සිටියේය. මෙය දුටු පියරජ මුව සිනා පහල විය. සැමදා වැඩ ගත හැකි කෙළි බඩුවක් දෙමි තරව සිතා වරදාර හස්තය දිගුකල සැණින් චන්ද්‍රිකාවක් පහල විය . පුතු මුව සිනා නංවා කක්ෂගතවන්නට විය .

 ප්‍රශ්න
 1) රේසිං කාරයකත් ගෝකාටයකත් වෙනස ලියන්න .
 2) සුඛෝපභෝගී ළූණු, කැරට් සහ බෝංචි වලට ආදේශක ආහාර සඳහන් කරන්න.
 3) දෙන දෙයක් කා වෙන දෙයක් බලා සිටීම පියවර පහකින් සඳහන් කරන්න .

No comments:

Post a Comment