Wednesday, April 10, 2013

වසන්තය


වසන්තය කියන්නේ
මල් පිපෙන එක නොවේ
වසන්තය මියැදුණේ
අදක ඊයෙක නොවේ

කතාවක් ඉවර වෙන
හැම තැනම 'නිමි' පදය
නැති නමුත්  නිමි කතා
නොනිමි වන්නේ කොහොම ?

දෑස් වල කැලුම් දී
ගලා යන  තරු එළිය
මිය ඇදුණ  තරුවකින්
නැගුණ කෙඳිරිය නේද ?

වසන්තය කියන්නේ
මල් පිපෙන එක නොවේ
වසන්තය මියැදුණේ
අදක ඊයෙක නොවේ

No comments:

Post a Comment