වසන්තය
වසන්තය කියන්නේ
මල් පිපෙන එක නොවේ
වසන්තය මියැදුණේ
අදක ඊයෙක නොවේ
කතාවක් ඉවර වෙන
හැම තැනම 'නිමි' පදය
නැති නමුත් නිමි කතා
නොනිමි වන්නේ කොහොම ?
දෑස් වල කැලුම් දී
ගලා යන තරු එළිය
මිය ඇදුණ තරුවකින්
නැගුණ කෙඳිරිය නේද ?
වසන්තය කියන්නේ
මල් පිපෙන එක නොවේ
වසන්තය මියැදුණේ
අදක ඊයෙක නොවේ
No comments:
Post a Comment