Wednesday, April 10, 2013

කොපිරයිටර්ලන්තයට ඇතුළුවීම.


එකෝමත් එක රටක චම් කියලා   ගැහැණු ළමයෙක් හිටියා . ඒ ළමයාට තිබුනේ බොහෝම අපූරු ආසාවල්  සහ කල්පනාවල් . 
ඇගේ එක ආසාවක් වුනේ ඇය  අසා තිබුණු  'කොපිරයිටර්ලන්තය'  ට ඇතුළුවීම. 
ඒත් ඒ ගැන  දන්නා කිසිකෙනෙක් ගැන   ඇය දැනසිටියේ නෑ.


දවසක් ඉර ඇහෙරෙන්නත් කලින් ඇහැරුණ  චම්, අවුරුදු සීයකට ඇතිවෙන කෑම  මල්ලක දමාගෙන කාටත් හොරෙන් කොපිරයිටර්ලන්තය සොයා යන්න පිටත්වුණා .

ටිකදුරක් යනවිට ඇගේ පයේ හැපුන යමක් ඈතට විසිවුණා .
' ආයුබෝවන් ගැහැණු ළමයෝ ! කොහෙද මේ යන්නේ ' පයේ හැපුන දෙය කතාකලා.
හැකරැල්ලෙක් . එසේ මෙසේ හැකරැල්ලෙක්  නෙවයි , පරිඝනක දත්ත ආරක්ෂාකරන 'වයිට් කොලර් හැකර්' හැකරැල්ලෙක් . 
'ආයුබෝවන් හැකරැල්ලෝ , මම කොපිරයිටර්ලන්තය සොයා යනවා.
හැකරැල්ලත්  චමුත් යාලුවෝ වුණා .
'කොපිරයිටර්ලන්තය' සොයා යාම බයංකාර දෙයක් , ගැහැණු ළමයෝ කැමති නම් මෙහේ නවතින්න , අපි එකට වැඩ කරමු හැකරැල්ලා කීවා .
ඒත්  චම් ආරාධනය ප්‍රතික්ෂේප කලා , මම එහෙ යායුතුමයි ..
.මම යන්නම් හැකරැල්ලෝ , ඔබට ස්තුතියි .

ටිකදුරක් යද්දී ඇයට  හවස වැඩ ඇරී ගෙදර යන බකුසු රාළ හමුවුණා  . 
'ආයුබෝවන් ගැහැණු ළමයෝ , කොහෙද මේ ලොකු මල්ලක් අරගෙන යන්නේ "
'ආයුබෝවන් බකුස් , මම කොපිරයිටර්ලන්තය සොයා යනවා.
බකුසු රාළ බැංකුකරුවෙක් , ඔහු ඔලුව වනමින් ටිකක් කල්පනා කලා 
' එහි යන්න එපා, රෑ වනතෙක් වැඩ කිරීමට වේවි , මගේ බැංකුවට එන්නබකුස් කීවා .
ඒත්  චම් ආරාධනය ප්‍රතික්ෂේප කලා , ‘මම එහෙ යායුතුමයි ..මම යන්නම් බකුස්  , ඔබට ස්තුතියි .


හවස් වී ගෙන ආවා , ඇය ගමන නැවැත්තුවේ නෑ .
"ගැහැණු ළමයෝ , රෑ බෝ වෙනවා , කොහෙද මේ දුවන්නේ ?
ඒ මාධ්‍යවේදී මකුණා .
'ආයුබෝවන්  මකුණු රාළ , මම කොපිරයිටර්ලන්තය සොයා යනවා'
මකුණා කලබල උනා ,' මොන අවාසනාවක්ද? ඔබ වැනි ගැහැණු ළමයෙක් එහි යනවා? නවතින්න මෙහෙ , මා ඔබට කියාදෙන්නම් දැල් වියනහැටි '
ඒත් චම් ආරාධනය ප්‍රතික්ෂේප කලා,  මම එහෙ යායුතුමයි ..මම යන්නම් මකුණු රාළ  , ඔබට ස්තුතියි .

දැන් චම් ට වෙහෙසයි කොපිරයිටර්ලන්ත ගැන කිසිම හෝඩුවාවක් නැහැ
ඇත්තටම  මම කොපිරයිටර්ලන්ත ගැන බලාපොරොත්තු තියාගැනීම වැරදිද? චම් තමා ගෙන්ම අසාගත්තා .
අනෙක් අය හැමෝම නීරස ගමනාන්ත වලට යෑමට සුදානම් වන හැටි ඇය දුකෙන් බලා සිටියා , 'මමත්  ඒ අයට එකතුවෙන්නට ඕනෙද?' ඈ හිතුවා.
ලොකු හුස්මක් ගත්ත චම් මල්ලේ දාගෙන ආ බනිස් ගෙඩියක් හපමින් ආයේ  ගමන ඇරඹුවා , 'මම කොහොමහරි  කොපිරයිටර්ලන්තයට යනවා. '

 ටික දුරක් යනකොටම ඇය  දැක්කා සැණකෙළියක් වැනි යමක් ,පැන්සල් පෑන් සටහන් පොත් ගෙන පෙරහැරක්  යන නොයෙක්  හැඩයේ ප්‍රමාණයේ ප්‍රීතිමත් මිනිස්සු කණ්ඩායමක් ..
එතන ගස්වල නිල්පාට ස්ට්‍රෝබෙරි  පලදරා තිබුණා , තටු ඇති මාළු  සතුටින් පියාඹමින් ඒවා රස කරමින් කෑවා. 
එතැන රැයක දවාලක වෙනසක් තිබුණේ නැහැ , නමුත් හැමදෙයක්ම ඇයට අලංකාරව පෙනුණා .

චම්ගේ කකුල් ඇයටත් නොදැනුවත්ව එතැන නැවතී තිබුණා, ඇයට දැනුණා තමා අවසානයේ ඇවිත් නැවතුනේ  නිවැරදිම තැන බව . 
'කොපිරයිටර්ලන්තය'
'කැමතිද නවතින්න ?' චම්ගේ ඇස්වල දිලිසෙන සතුට දුටු කොපිරයිටර්වරයෙක් ඇගෙන් ඇහුවා , 'හැබැයි සමහර දවස් වැඩ අධිකයි , තෙහෙට්ටු ගෙන දෙනවා, අපේ පසුම්බි සැහැල්ලුයි , සමහර දින ..."
'මම කැමතී .....' චම්  උඩ පැන පිළිතුරු දුන්නා .

චම් පෙරහැරට එකතු වුණා . 
ඊට පස්සේ ඒගොල්ලෝ හැමෝම සතූටින් ජීවත් වුණා.



No comments:

Post a Comment