එල්ල බෝල කූඩුවේ
ණයට ගත් හීන හැඳ
ඇදෙමි මුඩු බිම් තීරුවේ
ගිනියම් හිරු දහස
යටින් වැලපෙන මාවතේ
කෙලවර නොදැන යන
මගෙ දුවනගිරි ජීවිතේ
නතර කර මොහොතකට
ගන්ට හුස්මක් සිතුලෙසේ
ගමට යන හීනෙට
අත්තටු ඇවිත් ඉගිලෙතේ
දැන් ඉතින් කෝකත් එකයි
ඉන්නවා මම මෙහේ
හිත හදන් " මේ තමයි
සංසාර චක්කරේ "
ජිවිතේ තිරිංගය
කඩා විසිකොට හිතුමතේ
කඳුළු හිරකර හිනැහෙමි
"කොළඹ මට දැන් ගම වගේ "
25/09/2012

No comments:
Post a Comment