Saturday, December 1, 2012

අකම්පිත

 කල්පයක් කල් ගතව 
වෙන ඉරක් පෑයුවත් 
මතක පොඩි කර මතින් 
බිම නොලා සන්සුන්ව 
ජීවිතේ දුක් කන්ද 
සිනාසී නැග යන්න 
වෙර  දරණ  පහන් සිත 
අකම්පිත 

උගුර  කට  කාරවන 
ජීවිතේ තිත්ත රස
 සීනි දවටා  ගිල්ලවන 
වැඩසිටින 
තිස් තුන් කෝටියම නොදකින දුක නිවන 
රස කතාවෙන් සිත තවන 
උත්තම මිතුරු සිත 
අකම්පිත 

වැඩ  ඇවිළී  හිස ගිනිගෙන 
ආ ගිනිදැල් පැතිරෙන කල 
සිනා  සිසී  නිස්සබ්දව 
ඒ ගින්නෙන් ජොඉන්ට් උරන 
හිතුවක්කරම කවි සිත 
අකම්පිත 

කණාමැදිරි එලි දිලිසෙන 
තරු ලකුණින් මග එළිවෙන 
අනාගතේ මතුයම් දින,
කවට කතා දොඩමලු මැද 
සිතින්  ගැයුණු නිබ්බුත පද 
ගැන නොම දැන නිවන්  සොයන 
කිට්ටුවර ඥාති පින්සිත 
අකම්පිත.

26/10/2012


No comments:

Post a Comment