වෙන ඉරක් පෑයුවත්
මතක පොඩි කර මතින්
බිම නොලා සන්සුන්ව
ජීවිතේ දුක් කන්ද
සිනාසී නැග යන්න
වෙර දරණ පහන් සිත
අකම්පිත
උගුර කට කාරවන
ජීවිතේ තිත්ත රස
සීනි දවටා ගිල්ලවන
වැඩසිටින
තිස් තුන් කෝටියම නොදකින දුක නිවන
රස කතාවෙන් සිත තවන
උත්තම මිතුරු සිත
අකම්පිත
වැඩ ඇවිළී හිස ගිනිගෙන
ආ ගිනිදැල් පැතිරෙන කල
සිනා සිසී නිස්සබ්දව
ඒ ගින්නෙන් ජොඉන්ට් උරන
හිතුවක්කරම කවි සිත
අකම්පිත
කණාමැදිරි එලි දිලිසෙන
තරු ලකුණින් මග එළිවෙන
අනාගතේ මතුයම් දින,
කවට කතා දොඩමලු මැද
සිතින් ගැයුණු නිබ්බුත පද
ගැන නොම දැන නිවන් සොයන
කිට්ටුවර ඥාති පින්සිත
අකම්පිත.
26/10/2012

No comments:
Post a Comment