Friday, December 7, 2012

බිඳුණු මතක

පුලින තලාවක
වැතිර බලා ඉමි 
සුනිල නුවන් යුග 
සිනා ඉසින හැටි 

සිනිඳු සුමුදු නිල් 
දියවැල් සැලි  සැලි
ඔබේ සිනා වැල් 
සිහිකරවන හැටි 

පුලින තලාවක 
වැතිර බලා ඉමි 
මගේ මතක පොත 
ගොඩට ගසන හැටි 

මුතු බෙලි කටුවක 
පෙරදින සැගවූ  
රහස් කතා 
මුතුවකට හැරෙන හැටි 

පුලින තලාවක 
වැතිර බලා ඉමි 
නුඹව සොරා ගත් 
සිඳු  නංවන සිරි 

 2009.



 

No comments:

Post a Comment