වැතිර බලා ඉමි
සුනිල නුවන් යුග
සිනා ඉසින හැටි
සිනිඳු සුමුදු නිල්
දියවැල් සැලි සැලි
ඔබේ සිනා වැල්
සිහිකරවන හැටි
පුලින තලාවක
වැතිර බලා ඉමි
මගේ මතක පොත
ගොඩට ගසන හැටි
මුතු බෙලි කටුවක
පෙරදින සැගවූ
රහස් කතා
මුතුවකට හැරෙන හැටි
පුලින තලාවක
වැතිර බලා ඉමි
නුඹව සොරා ගත්
සිඳු නංවන සිරි
2009.

No comments:
Post a Comment