Friday, December 7, 2012

බිඳුණු මතක

පුලින තලාවක
වැතිර බලා ඉමි 
සුනිල නුවන් යුග 
සිනා ඉසින හැටි 

සිනිඳු සුමුදු නිල් 
දියවැල් සැලි  සැලි
ඔබේ සිනා වැල් 
සිහිකරවන හැටි 

පුලින තලාවක 
වැතිර බලා ඉමි 
මගේ මතක පොත 
ගොඩට ගසන හැටි 

මුතු බෙලි කටුවක 
පෙරදින සැගවූ  
රහස් කතා 
මුතුවකට හැරෙන හැටි 

පුලින තලාවක 
වැතිර බලා ඉමි 
නුඹව සොරා ගත් 
සිඳු  නංවන සිරි 

 2009.



 

Saturday, December 1, 2012

radio කවිය

නිමිත්ත : "නංගි, programme  එක ඔයාගෙනෙ , ඔය කැමති දෙයක් ලියන්න. හැබැයි  බබෝ , දේශපාලනේ  තහනං , වෙන ඕනේ දෙයක් !"

starting  the  mission:   "නොමල ගේකින්  අබ හෙවීම"

කැමති ගොඩක් දේවල් මගේ හිතේ ඇතේ 
සමහර දෙයක් මේ වනතෙක් කියා  නැතේ
යකඩ කටින් ඒ හැම දේ  කියන තැතේ 
අනේ අපොයි  උඩු හුළගේ  ගසා  යතේ 

ලොක්කා  බලේ ඇති  අපගේ පින් කඳකී 
අක්කා වෙහෙර මහා දේවිගේ  පිළිරුවකී 
මේ  පද දෙකම දික් කරකර හදමු  වැකී 
 ඒකෙන් තුසිත පුර දොරටුව අරිනු හැකී ...
2/12/2012

අකම්පිත

 කල්පයක් කල් ගතව 
වෙන ඉරක් පෑයුවත් 
මතක පොඩි කර මතින් 
බිම නොලා සන්සුන්ව 
ජීවිතේ දුක් කන්ද 
සිනාසී නැග යන්න 
වෙර  දරණ  පහන් සිත 
අකම්පිත 

උගුර  කට  කාරවන 
ජීවිතේ තිත්ත රස
 සීනි දවටා  ගිල්ලවන 
වැඩසිටින 
තිස් තුන් කෝටියම නොදකින දුක නිවන 
රස කතාවෙන් සිත තවන 
උත්තම මිතුරු සිත 
අකම්පිත 

වැඩ  ඇවිළී  හිස ගිනිගෙන 
ආ ගිනිදැල් පැතිරෙන කල 
සිනා  සිසී  නිස්සබ්දව 
ඒ ගින්නෙන් ජොඉන්ට් උරන 
හිතුවක්කරම කවි සිත 
අකම්පිත 

කණාමැදිරි එලි දිලිසෙන 
තරු ලකුණින් මග එළිවෙන 
අනාගතේ මතුයම් දින,
කවට කතා දොඩමලු මැද 
සිතින්  ගැයුණු නිබ්බුත පද 
ගැන නොම දැන නිවන්  සොයන 
කිට්ටුවර ඥාති පින්සිත 
අකම්පිත.

26/10/2012


මතක

නිමිත්ත : ගාල්ලේ තාත්තාගේ මහ  ගෙදරින් කොට්ටාවේ අලුත්  ගෙදරට සදාකාලික  මාරුවක් වූ  පසු 

 ඉබාගාතේ  යන 
පෘතග්ජන සරීරය 
කවි ගී  කොටා නැති 
කට්ට කළු ගල් හිත 
තකට තක 
මේ  ගන්දබ්බ  කොට්ටාවට 

මක් කරන්ටද වෙන 
දුක් ගන්නේ කුමට මේ  තරමට 
වෙමි මම විපිළිසර 
ඔබ හැමගේ පැන ඉදිරිපිට 

හැබැයි  ඔබ හැමට 
දෙන්ට උත්තර තියන 
පොතක් හඳුනමි මම 
හොඳට 

ඒ  උනත් 

අව් වැසි සුළං 
මේ කෝකෙනුත් අකම්පිත 
කොයි කාලෙටත් 
හොඳම උත්තර සපයන 
" තාත්තාගේ මතක පොත "
කාටත්  අමතකව 
තවම තනිවම
 ගාල්ලේ  ගෙදර 
ගල් බංකුවේ 
අඹ ගහ යට 

12/11/12

මම ගම සහ කොළඹ

ගමෙන් ගෙන ආ හිත 
    එල්ල බෝල  කූඩුවේ 
    ණයට ගත්  හීන හැඳ 
    ඇදෙමි මුඩු  බිම් තීරුවේ 

    ගිනියම් හිරු දහස 
    යටින් වැලපෙන  මාවතේ 
    කෙලවර නොදැන යන 
    මගෙ දුවනගිරි ජීවිතේ 

    නතර කර මොහොතකට 
    ගන්ට හුස්මක් සිතුලෙසේ 
    ගමට යන හීනෙට 
    අත්තටු ඇවිත් ඉගිලෙතේ 

    දැන් ඉතින් කෝකත්  එකයි 
    ඉන්නවා  මම මෙහේ 
    හිත හදන් " මේ  තමයි 
    සංසාර චක්කරේ "

    ජිවිතේ  තිරිංගය 
    කඩා  විසිකොට හිතුමතේ 
    කඳුළු හිරකර හිනැහෙමි 
    "කොළඹ  මට දැන්  ගම වගේ "

    25/09/2012

    Friday, September 28, 2012

    Red.

    Red wine
    Red strawberries
    Red lips
    Red is everywhere..
    In it's great forms of romance...

    In such a world, I'm a RED tomato
    Which is just a fruit, don't even belong in to fruit salad.

    Thursday, September 27, 2012

    Please..




    Krishna krishna
    Please play the flute
    Don't be shy
    Common..
    They all are sick of heavy metal
    Even though they don't show..
    So, krishna krishna
    Please play the flute .

    Monday, August 13, 2012

    ඔබ නොදකින මගේ කවිය



     ඔබ නොදකින මගේ කවිය
    ඔබ යන එන රළු මහමග
    ගිනි ගහනා මද්දහනේ
    තැග්ගහෙමින්  හිඳිනු දකිමි 

    කළු දුම් රොටු නිහඬ වනින්
    එහි පදරුත් අහුලාගෙන
     කොරගසමින් අපහසුවෙන්
    අහස කරා ඇදෙනු දකිමි 

    දූවිල්ලෙන් නෑවි ගිය
    මගේ කවියේ රළු එළිවැට
    ඔබේ පයේ හැපී වරක්
    අහකට විසිවුනා  දකිමි 

    පෙඟී දහදියෙන් තෙත්වුන 
     උපමා රූපක පෙළහර 
    පදික වේදිකා කෙලවර
    සොවින් ගිමන් හරිනු දකිමි 

    නම  ගම වගවාසගමක් 
    නොලද  ප්‍රේමයක සුනරුත්  
    ඒ කවියේ මිහිදන් කොට 
    පසෙකට වී  බලා හිඳිමි 

    ඔබ නොදකින මගේ කවිය
    ඔබට පෙනෙන්නට අතු අග
    කුසුමක් වී නොපිපෙන බව 
    දැන දැන  තව බලා හිඳිමි .



    Thursday, June 7, 2012

    PEOPLE- sapaththu uncle ( Mr. Cobbler)

    Basically, I love people.
    This is the very first sentence which comes to my mind when ever I think of people, every sort of people. Dark, fair, tall, short, fat,rude, polite, lazy, cheerful and every one, Every person has a story, that is why I call every individual a mystery that we must reveal carefully, and that is one of my major life objectives since I fall in love with Tin Tin  at the age of six.

    For an example I would like to think of he cobbler near the university, who I call, " sapaththu uncle" , ( I have uncles and aunties all over the universe like this) sapaththu uncle is a hard worker, he is dark, tall, wears skinny shirts and shorts, talk loud, " mee, othana threewheel park karanna den na, pissuda mandaa!!" ( you are not allowed to park your three wheeler here, crazy fellas!!) His dark skins shines with sweat, he doesn't smile much. Everything about him is very much slimier to every other cobbler you can see any where, he is mending shoes and umbrellas and mark the price with the appearance of the customer.

    But that commonness was hiding many secrets.



    ( To be continued...)

    Wednesday, May 2, 2012


    Bohemian  melancholy

    "I do not know what I need exactly, but at least I have a sense of what I do not want

    I think I do not want to live as an adult or a child or with your concepts of life, I just want to find a new concept which i can call mine , a new theory or a law of life ,as then I can go beyond of what I created by my self,it's little complex I know, but see,I have to defeat what I think and own, to become selfless, to be free, to be free from my own self,and you know why? , the greatest expectation of my life is finding a place where I do not belong to anybody or anything, not even to me, that is where one gets wings!!!

    so then, I would be able to fly
    I want to fly, that is my only dream"

    percentage of saying all the above is 0,you'll think i'm insane, that is why I do not wish to explain anything to you, that is why I say "time will solve everything" while knowing there is no problem to be solved, this is not a problem but a solution, a solution hundreds of human generations were looking for, this is an obsession, (omg no, I'm  not having a crush on some other boy), this love and obsession is not for one or two individuals,  this is for millions of men and women and children , from Adam and Eve to you and me, all the sinners and sin.

    To be continued (due to mosquito attacks)

    Tuesday, May 1, 2012

    WARSHA

    ONE:
    It's monsoon  again
    with pain and love
    impinging all the memories
    it's mad monsoon again

    Sunday, April 29, 2012

    Silent Death


    Life is pale.. and you don't talk...
    you are dying..
    so i take a deep breath.. to drown deep in to you..
    to listen to the voice of your solitude.. 
    and in the next second i see you laughing while dying..

    wow! Congratulations slowly dying clown!
    Guess I'm going to witness a silent death......

    Saturday, April 28, 2012

    LOLI GIRL




    Ho girl...
    Hey girl...
    Cherry berry merry girl
    full of sweet
    sweetest treat
    with a big heart
    which's skipping beats