එකෝමත් එක රටක චම් කියලා ගැහැණු ළමයෙක් හිටියා . ඒ ළමයාට තිබුනේ බොහෝම අපූරු ආසාවල් සහ කල්පනාවල් .
ඇගේ එක ආසාවක් වුනේ ඇය අසා තිබුණු 'කොපිරයිටර්ලන්තය' ට ඇතුළුවීම.
ඒත් ඒ ගැන දන්නා කිසිකෙනෙක් ගැන ඇය දැනසිටියේ
නෑ.
දවසක් ඉර ඇහෙරෙන්නත් කලින් ඇහැරුණ චම්, අවුරුදු
සීයකට ඇතිවෙන කෑම මල්ලක දමාගෙන
කාටත් හොරෙන් කොපිරයිටර්ලන්තය
සොයා යන්න පිටත්වුණා .
ටිකදුරක් යනවිට ඇගේ පයේ හැපුන යමක් ඈතට විසිවුණා .
'
ආයුබෝවන්
ගැහැණු ළමයෝ ! කොහෙද මේ යන්නේ ' පයේ හැපුන දෙය කතාකලා.
ඒ හැකරැල්ලෙක් . එසේ මෙසේ හැකරැල්ලෙක් නෙවයි , පරිඝනක දත්ත ආරක්ෂාකරන 'වයිට් කොලර් හැකර්' හැකරැල්ලෙක් .
'ආයුබෝවන් හැකරැල්ලෝ , මම කොපිරයිටර්ලන්තය සොයා යනවා.
හැකරැල්ලත් චමුත්
යාලුවෝ වුණා .
'කොපිරයිටර්ලන්තය' සොයා යාම
බයංකාර දෙයක් ,
ගැහැණු ළමයෝ
කැමති නම් මෙහේ නවතින්න ,
අපි එකට වැඩ
කරමු හැකරැල්ලා කීවා .
ඒත් චම් ආරාධනය
ප්‍රතික්ෂේප කලා ,
මම එහෙ
යායුතුමයි ..
.මම යන්නම් හැකරැල්ලෝ , ඔබට ස්තුතියි .
ටිකදුරක් යද්දී ඇයට හවස වැඩ ඇරී ගෙදර යන බකුසු රාළ හමුවුණා .
'ආයුබෝවන්
ගැහැණු ළමයෝ ,
කොහෙද මේ
ලොකු මල්ලක් අරගෙන යන්නේ "
'ආයුබෝවන්
බකුස් ,
මම කොපිරයිටර්ලන්තය
සොයා යනවා.
බකුසු රාළ බැංකුකරුවෙක් , ඔහු ඔලුව වනමින් ටිකක් කල්පනා
කලා
'
එහි යන්න එපා, රෑ වනතෙක්
වැඩ කිරීමට වේවි ,
මගේ බැංකුවට
එන්න’
බකුස් කීවා .
ඒත් චම් ආරාධනය
ප්‍රතික්ෂේප කලා ,
‘මම එහෙ
යායුතුමයි ..මම යන්නම් බකුස් , ඔබට ස්තුතියි .’
හවස් වී ගෙන ආවා ,
ඇය ගමන නැවැත්තුවේ
නෑ .
"ගැහැණු ළමයෝ , රෑ බෝ වෙනවා , කොහෙද මේ
දුවන්නේ ?
ඒ මාධ්‍යවේදී මකුණා .
'ආයුබෝවන්
මකුණු රාළ ,
මම කොපිරයිටර්ලන්තය
සොයා යනවා'
මකුණා කලබල උනා ,'
මොන
අවාසනාවක්ද?
ඔබ වැනි
ගැහැණු ළමයෙක් එහි යනවා?
නවතින්න මෙහෙ ,
මා ඔබට
කියාදෙන්නම් දැල් වියනහැටි '
ඒත් චම් ආරාධනය ප්‍රතික්ෂේප කලා, “මම එහෙ යායුතුමයි ..මම යන්නම් මකුණු රාළ , ඔබට ස්තුතියි .”
දැන් චම් ට වෙහෙසයි , කොපිරයිටර්ලන්ත ගැන කිසිම හෝඩුවාවක් නැහැ,
“ඇත්තටම මම කොපිරයිටර්ලන්ත ගැන බලාපොරොත්තු තියාගැනීම
වැරදිද? ” චම් තමා ගෙන්ම අසාගත්තා .
අනෙක් අය හැමෝම නීරස ගමනාන්ත වලට යෑමට සුදානම් වන හැටි ඇය දුකෙන් බලා
සිටියා ,
'මමත් ඒ
අයට එකතුවෙන්නට ඕනෙද?'
ඈ හිතුවා.
ලොකු හුස්මක් ගත්ත චම් මල්ලේ දාගෙන ආ බනිස් ගෙඩියක් හපමින් ආයේ ගමන ඇරඹුවා ,
'මම කොහොමහරි කොපිරයිටර්ලන්තයට
යනවා. '
ටික දුරක්
යනකොටම ඇය දැක්කා
සැණකෙළියක් වැනි යමක් ,පැන්සල් පෑන්
සටහන් පොත් ගෙන පෙරහැරක් යන නොයෙක්
හැඩයේ ප්‍රමාණයේ ප්‍රීතිමත් මිනිස්සු කණ්ඩායමක් ..
එතන ගස්වල නිල්පාට ස්ට්‍රෝබෙරි පලදරා තිබුණා , තටු ඇති මාළු සතුටින් පියාඹමින් ඒවා රස
කරමින් කෑවා.
එතැන රැයක දවාලක වෙනසක් තිබුණේ නැහැ , නමුත් හැමදෙයක්ම ඇයට අලංකාරව පෙනුණා .
චම්ගේ කකුල් ඇයටත් නොදැනුවත්ව එතැන නැවතී තිබුණා, ඇයට දැනුණා
තමා අවසානයේ ඇවිත් නැවතුනේ නිවැරදිම
තැන බව .
'කොපිරයිටර්ලන්තය'
'කැමතිද
නවතින්න ?'
චම්ගේ ඇස්වල
දිලිසෙන සතුට දුටු කොපිරයිටර්වරයෙක් ඇගෙන් ඇහුවා , 'හැබැයි සමහර දවස් වැඩ අධිකයි , තෙහෙට්ටු ගෙන
දෙනවා,
අපේ පසුම්බි
සැහැල්ලුයි ,
සමහර දින
..."
'මම කැමතී
.....'
චම් උඩ
පැන පිළිතුරු දුන්නා .
චම් පෙරහැරට එකතු වුණා .
ඊට පස්සේ ඒගොල්ලෝ හැමෝම සතූටින් ජීවත්
වුණා.
Add a comment